No Result
View All Result
  • Login
Justfit.lk - Learn about Fitness Strategies and Nutrition Plans
  • Featured
  • Fitness
  • Food & Diet
  • Life Style
  • Muscle Building
  • Nutrition
  • Sports
  • Workout
  • Featured
  • Fitness
  • Food & Diet
  • Life Style
  • Muscle Building
  • Nutrition
  • Sports
  • Workout
No Result
View All Result
Justfit.lk - Learn about Fitness Strategies and Nutrition Plans
No Result
View All Result
ADVERTISEMENT
Home Pro Tips

ඔයාගෙ ජිම් බෑග් එකට දාගන්නම ඕන දේවල් 14ක්!

Gym Bag Essentials That Every Sri Lankan Fitness PRO's must carry on their Gym Bag to make your Workout Day Better.

Sharanyan Sharma by Sharanyan Sharma
පෙබරවාරි 6, 2021
in Pro Tips, Sports, Workout
215 2
0
Findout The Gym Bags in Sri Lanka
403
SHARES
3.1k
VIEWS
Share on FacebookShare on Twitter
ADVERTISEMENT

This post is also available in: English Tamil

අද කාලේ ඕනෑම කෙනෙක් ජිම් යනකොට බෑග් එකක් ගෙනියන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයත් කලින් රෙඩි කරගත්ත ජිම් බෑග් එකක් ඔයාගෙ වාහනේ හරි කාමරේ හරි තියන් ඇති. gym යන එක ජීවිතේම කරගත්තු සමහර කට්ටිය, එක එක ව්‍යායාම වලට ගැළපෙන විදිහට එක එක ජිම් බෑග් එක ගානේ හදගෙනත් ඉන්නවා.ඉතින් ජිම් එකට යන්න ඔයාගේ බෑග් එක පැක් කරද්දි,ඔයාට උනත් ඕනම කරන දේවල් මිස් වෙන්න පුළුවන්.ඉතින් පල්ලෙහා ලිස්ට් එක බලලා හැමදාම අමතක නොකර මේ බඩු ටික අරන් යන්න.

ජිම් බෑග් එක

ඔක්කොටම කළින්,ඔයාට හරියටම ගැලපෙන බෑග් එකක් තෝරගන්න ටිකක් ඔලුව කල්පනා කරන්න වෙනවා. තියෙන තරමක් ඔක්කොම බඩු දාගන්න ලොකුම ලොකු බෑග් එකක් වත්, ඇඟිල්ල ගහන්නවත් ඉඩක් නැති බෑග් එකක්වත් නෙමෙයි, ඔයාට ඕනම කරන දේවල් විතරක් දාගෙන,හදිස්සියෙ බස් එකක උනත් අරන් යන්න පුළුවන් විදිහෙ බෑග් එකක් හැමවෙලේම තෝර ගන්න.ඒ වගේම ඔයාගෙ ජිම් බෑග් එක,පටිය වෙනස් කරන්න පුළුවන් එකක් වගේම අපහසුවක් නැතුව උරහිසේ එල්ලන් යන්න පුළුවන් එකක් උනා නම් තමයි වටින්නෙ.

ඔයාගෙ ජිම් බෑග් එකේ තියෙන්නම ඕනි දේවල්

1. ඔයාගේ සපත්තු දෙක!

ජිම් එකට ගියාට පස්සෙ සපත්තු දෙක ගෙදර දාලා ඇවිත් කියල මතක් වෙද්දී දැනෙන හැගීම නම් කියල වැඩක් නෑ.  සපත්තු නැතුවජිම් එකේ මුකුත් කරන්න මටනම් හිතෙන්නේ නෑ.ඒ හින්ද ජිම් ගෙනියන බෑග් එක පැක් කරද්දි ඔයාගේ ආදරණිය සපත්තු දෙකත් ඒකට දාගන්න අමතක කරන්නෙපා! 

2. ව්‍යායාම ඇඳුම්

සෙල්ලම් කරද්දී ඔයාට ඕනි වෙන,ආස කරන ඇදුමක් ගෙදර දාලා අවොත් ඉතින් එදාට මහන්සි වෙලා කරන workout ටිකෙනුත් වැඩක් නෑ.ඒ තරම් හිතට හරි නෑ.ලොකු දෙයක් වෙන්න ඕනි නෑ.අමතක උන මේස් දෙකකට පුළුවන් ඔයා නිස්කලංක විදිහට කරන්න හිතන් ආපු ව්‍යායාම ටික අවුල් ජාලයක් කරල දාන්න. 

ඔයාට සෙල්ලම් කරන දවසට තියෙන workout ටික අනුව මේ පල්ලෙහා කියල තියෙන ඇදුම් ආයිත්තම් ටික ඔයාට ඕනි වෙයි.ඒ නිසා අනික් දවසේ gym එකට යන්න කලින් මේ ටික හරිද බලන්න.

  • පිරිසිදු යට ඇඳුම් / ක්‍රීඩා ඇඳුම්
  • ඔයාගේ සපත්තු දෙක 
  • කුඩයක් (ඕන නම්)
  • හිස් පලදනා (උ.දා.: හෙඩ්බෑන්ඩ්, හෙයා ටයි / ක්ලිප් හෝ කැප්)
  • අතට දාන ග්ලවුස්, බෙල්ට් එකක්, දනිස් පළදනා ,wrist wraps (මේවා ඔයාගෙ ව්‍යායාම වර්ගය හා ලැයිස්තුව මත රඳා පවතිනවා)
  • ව්‍යායාමවලට අඳින ටොප් සහ බොටම් (කොට කලිසම්, ස්වීට් පෑන්ට් හෝ ලෙගින්)

3. මයික්‍රෝ ෆයිබර් ජිම් තුවා

ජිම් තුවායක් පාවිච්චි කරන එක සනීපාරක්ෂිත වගේම ඒක හොඳ පුරුද්දක්.මොකද ඔයාට දාඩිය දැම්මම, ඔයා පාවිච්චි කරපු උපකරණය ඊළගට පාවිච්චි කරන කෙනාගේ ශර්රයේ ඔයාගේ දාඩිය ටික ගෑවෙන්න පුළුවන්. ඉතින් ඒක එයාට තේරුනොත්.ඒක ටිකක් හරි මදි ඔයාට.මයික්‍රෝ ෆයිබර් හා කපු මිශ්‍රිත තුවා සාමාන්‍යයෙන් ජිම් තුවාවලට තියන හොඳම තෝරා ගැනීමක්.මොකද මේවායෙ තියන තන්තුවලින් හොඳින් දහඩිය අවශෝෂණය කරල තන්තු ඉක්මනට වෙළිලත් යනවා.

4. Pre workout (අවශ්‍ය නම්)

Pre workout කියන්නෙ ව්‍යායාමවලට කලින් ඔයාට හොඳට ඇක්ටිව් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක්. (ඔයාගෙ ව්‍යායාමවලට විනාඩි විස්සකට වගෙ කළින් ගන්න ඕනේ.) ගොඩක් වෙලාවට මේක කුඩු එකක් විදිහට තමයි එන්නේ.ඒ වගේම මේවා හපල කන විදිහටත්, ටින් කරපු බීමක් විදිහටත්, පාට දියරක් විදිහටත් තියෙන්න පුළුවන්. Pre workout එකක් ගත්තම ඔයාගේ ශක්තිය වැඩි කරන්න උදව් වෙන නිසා ඔයාට බය නැතුව වෙනදට වඩා බරක් වැඩි කරලා උනත් සෙල්ලම් කරන්න පුළුවන්.ඔයාට ඔයා ගැන විශ්වාසෙකුත් ඇති වෙනවා. ඒක නිසා ඔයාට හොද results එකක් ගන්න මේක ලොකු උදව්වක් වෙනවා.උදේ සහ සවස් කාලයේ පුහුණුවීම්වලදි ඔයා පාවිච්චි කරන්න යන Pre workout,හොඳ අවබෝධයකින් ගන්න ඔයා වගබලාගන්න ඕනේ.

5. පිරිසිදු ටවල් එකක්

මතක් කරල ඔයා ව්‍යායාම කළාට පස්සෙ පාවිච්චි කරන්න,අළුත් පිරිසිදු තුවායක් අරන් යන්න. ගොඩක් මේ ෆිට්නස් ෆීල්ඩ් එකේ නිෂ්පාදනයන් කරන ආයතන මයික්‍රෝ ෆයිබර් තුවා හදනවා මේ වැඩේට ගැලපෙන විදිහට.ඉතින් ආසම පාටින් එකක් තෝරගෙන ඔයාගේ බෑග් එකට දාලා තියාගන්න!

6. දහඩිය පිහිදාන්න wipes

ඔයාගෙ ව්‍යායාමවලින් පස්සෙ පිරිසිදු වෙන්න ඕන කරන ක්ලෙන්සින් වයිප්ස් ඔයාට ලොකු ආරක්ෂාවක් දෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? මේවා ඔයාගෙ ශරීරයේ දහඩිය ඉවත් කරනව විතරක් නෙමෙයි, දුගඳත් මට්ටු කරනවා.ඉතින් මේක ඔයාගේ බෑග් එකේ තියෙන්නම ඕනි දෙයක්.

7. නැවත භාවිතා කළ හැකි වතුර බෝතලය

ව්‍යායාම කරද්දි නිතරම වතුර බොන්න ඕනේ. ඒ හින්දා ඔයා ව්‍යායාම කරන අතරතුර හැම වෙලේම වතුර බෝතලයක් ළඟ තියාගන්න වග බලා ගන්න. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් වතුර බෝතලයක්ම ගන්න කියල මං ඔයාට කියන්නෙ,ඒවා පරිසර හිතකාමී වෙන හින්ද විතරක් නෙමෙයි.ගොඩක් වෙලා ඔයාගේ වතුර එක  නැවුම් හා සිසිල් ගතියෙන් තියාගන්න පුළුවන් හින්දා.

ජිම් බෑග් එකට දාගන්න ඕන කරන “විශේෂ” දේවල් 

1. ෂෙකර් එක (shaker) 

ඇග ලස්සනට තියාගන්න එක වගේම ශරීර සුවතාවය ගැනත් ලොකුවටම හිතන අයට තමයි මේක හරියන්නෙ. ෂෙකර් එකක් පාවිච්චි කරනවා කියන්නේ ඔයාට ජිම් එකට යන ගමන් උනත් කරදරයක් නැතුව ඔයාගෙ ෂේක් එක හදාගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාට ගැළපෙන ෂේකර් එකක් තෝරා ගන්න එකත් ගොඩක් වැදගත්. ඔයා ව්‍යායාම කරන ගමන් පාවිච්චි කරන අතිරේක පෝෂණ පානයන් (BCAA, EAA, Creatine) සහ ව්‍යායාමවලට පස්සෙ පාවිච්චි කරන පානයන් (ප්‍රෝටීන් අතිරේක,බිම එකක් වගේ) වගේ ඕනි දෙයක් බොන්න මේ ෂෙකර් එක පාවිච්චි කරන්න පුළුවන්.

2. විෂබීජ නාශක දියර සහ පිහිදාන්න දේවල්

සාමාන්‍ය සබන් හෝ සේදුම් දියරයක් දාලා අත් හෝදන එක,අපේ අත්වල තියෙන විෂබීජ විනාශ කරන්න සාර්ථකම ක්‍රමයක් උනත්,ඇල්කොහොල්වලින් සමන්විත විෂබීජ නාශක දියරයක් පාවිච්චි කරන එක ඊට වඩා ගොඩක් ආරක්ෂාකාරියි.මේ වෙනකොට තියෙන කොරෝනා ප්‍රශ්නය හින්දා ඔයාටම කියල විෂබීජ නාශක දියර බෝතලයක් සහ අත පිහිදාන්න දේවල් අරන් යන එක ඔයාගෙ ඇඟට ගුණයි.

3.ඩියෝඩ්‍රන්ට් (Deodorant)

ඩියෝඩ්‍රන්ට් එකකුත් ඔයාගෙ ජිම් බෑගේ එකේ තියෙන්නම ඕනේ දෙයක්. ව්‍යායාම කරන අතරතුරත්, ඊට පස්සෙත් අත් යටින් දුඟදක් වෙනුවට හොඳ සුවඳක් එන්න ඩියෝ එකක් පාවිච්චි කළොත් අනික් අයට අප්‍රසන්න හැගීමක් එන එකක් නෑ ඔයා ලග ඉන්න කොට.

4. හෙඩ්ෆෝන් සහ ස්මාර්ට් වොච්

සංගීතයට පුළුවන් ඔයා කරන ඕනිම දෙකට,ඔයාගේ අවදානය හොදින් යොමු කරවන්න.ජිම් එකේ යන සින්දු ටික ඔයාට හරියන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඔයා ආසම මියුසික් ටිකක් දාගෙන ඔයාගෙ ෆෝන් එක හරි මියුසික් ප්ලේයර් එක හරි ජිම් එකට අරන් යන්න. ආහ්, තව හෙඩ් ෆෝන් එකත් මතක ඇතුව අරන් යන්න. ඒ වගේම මගදි බැට්රි බැහැල workout එක බෝරිං නොවෙන්න මතක් කරලම ෆුල් චාජ් කරන් යන්න. ඔයාගෙ වර්ක් අවුට් එකේ රිසල්ට් එක බලන්න තියෙන ස්මාට් වොච් එක ගැනත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.

5. වර්ක් අවුට් එක කරද්දී ගන්න පෝෂණ අතිරේක

ඔයාගෙ ව්‍යායාමවල ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන් සප්ලිමන්ට් එකක් තමයි මේ ” Intra Workout” කියන්නෙ. BCAAs (branched-chain amino acids), Amino, Creatine කියන්නෙ ජනප්‍රිය ඉන්ට්‍රා වර්ක් අවුට් සප්ලිමන්ට් ටිකක්. ඔයාට මේවා වතුර එකතු කරල හදාගන්න පුළුවන් පව්ඩර් එකක් විදිහට, කලින් මිශ්‍ර කළ/පහසුවෙන් වත් කරන්න පුළුවන් දියරයක්, එහෙමත් නැත්තන් ඔයාගෙ ව්‍යායාම සැසිය මැදදී ඔයාට ඉක්මනින් ගිලින්න පුළුවන් කැප්සියුලයක් වගේ විවිධ ආකාරවලින් ලබා ගන්න පුළුවන්. ඉන්ට්‍රා වර්ක් අවුට් එකක් ඔයාගෙ බොඩි එක ෂේප් කරල ඔයා ඉලක්ක කරන ශක්ති මට්ටමට ළඟා වෙන්න උදව් වෙනවා. හිමාලයානු ලුණු, ලෙමන්, මී පැණි, “චියා” ඇට සහ වතුර එක් කරල රසම රස ස්වභාවික ඉන්ට්‍රා වර්ක් අවුට් එකක් ඔයාගෙ අතින්ම හදාගන්න ඔයාට පුළුවන්.

6. කෙසෙල්

කෙසෙල් කියන්නෙ ව්‍යායාමයෙන් පස්සෙ ගන්න කියාපුම පලතුරක්. කෙසෙල් වල හොඳින් ක්‍රියාකාරී වන කාබන් අඩංගු හින්ද ශරීරයේ ඇතිවෙන අමාරුකම් අඩු කරනවා. ඒ විතරක් නෙමේ, ඉක්මනින් ප්‍රකෘතිමත් වෙන්න උදව් වෙන,ඔයාගෙ මාංශ පේශිවල තියෙන ග්ලයිකෝජන් යථා තත්වයට පත් කරන්න කෙසෙල්වලට හැකියාව තියෙනවා. ඒ වගේම කෙසෙල්, ව්‍යායාම හමාර කරපු ගමන් කෙටි ආහාරයක් විදිහට ගන්නත් සුදුසුයි.

7. විටමින් සී 

ව්‍යායාමවලින් පස්සෙ විටමින් සී ගත්තම Catabolic ආතතිය අඩු කරගන්න පුළුවන් කියල වගේම ලෙඩවලින් සුව වෙන්න ඔයාට ගතවන කාලය අඩු කරන බවයි පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නෙ. ඔයා ව්‍යායාම කරන දවසට විටමින් සී මිලි ග්‍රෑම් 1000ත් 3000ත් අතර ප්‍රමාණයක් (ග්‍රෑම් 1 – 3) මාත්‍රා කිහිපයකට බෙදල ගන්න වගේම ව්‍යායාමවලට පස්සෙ හරි කලින් හරි මිලි ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් ගන්නත් අමතක කරන්නෙපා.

මගේ අත්දැකීම් වගේම මම ශ්‍රී ලංකාවේ ෆිට්නස් වලට කැමති,ආදරය කරන පිරිසක් එක්ක කරපු පර්යේෂණවලින් ගත්ත තොරතුරුත් එකතු කරගෙන තමයි මං මේ පුංචි උපදෙස් ටික ලිව්වෙ. මීට පස්සෙ නං ඔයා ජිම් යනකොට ඇදුම් ටිකයි වතුර බෝතලෙයි විතරක් ගෙනියන්න එපා.උඩ මන් කියල තියෙන බඩු ටිකත් පුළුවන් තරම් හරි ඔයාගේ bag එකේ list එකට දාගන්න. ඒවට පුළුවන් ඔයා ව්‍යායාම කරන වෙලාව උපරිමයට ගෙන්න උදව් කරන්න. ඒ වගේම ඔයාගෙ ග්ලවුස්, පෑඩ්ස්, බෙල්ට්, නී පෑඩ් සහ straps වගේ අඩුම කුඩුම ටික හොඳ විෂබීජනාශක වර්ගයක් හරි රෙදි සෝදන ඩිටර්ජන්ට් එකක් හරි දාල අඩුම ගානෙ සතියකට දෙපාරක් වත් හෝදන්න.

ඉතින් මිට අමතරව ඔයා පාවිච්චි කරන මොනවහරි දේවල් ටිකක් තියෙනවද  Comment එකක් දාල මටත් කියන්න!

 

Tags: Pre workout

Discussion about this post

ADVERTISEMENT
  • About
  • Forum
  • Contact
  • Privacy Policy
  • Terms and Condition
© 2023 Justfit.lk - All rights Reserved.
No Result
View All Result
  • Forums
  • Contact

Welcome Back!

Sign In with Facebook
Sign In with Google
Sign In with Linked In
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist