No Result
View All Result
  • Login
Justfit.lk - Learn about Fitness Strategies and Nutrition Plans
  • Featured
  • Fitness
  • Food & Diet
  • Life Style
  • Muscle Building
  • Nutrition
  • Sports
  • Workout
  • Featured
  • Fitness
  • Food & Diet
  • Life Style
  • Muscle Building
  • Nutrition
  • Sports
  • Workout
No Result
View All Result
Justfit.lk - Learn about Fitness Strategies and Nutrition Plans
No Result
View All Result
Home Food & Diet

උදෑසන ආහාරයට, වර්ක් අවුට් එකට කලින් වගේම ඕනෑම වෙලාවකට හරියන ප්‍රෝටීන් සපිරි නියම පෝෂ්‍යදායී ස්මූතීස් පහක්!

Refreshingly fruity High-Protein Fruit Smoothies that’ll help you reach your fitness goals. 5 simple healthy recipes to stay on track!

Sharanyan Sharma by Sharanyan Sharma
පෙබරවාරි 4, 2021
in Food & Diet, Nutrition
202 2
0
Protein Smoothie
Share on FacebookShare on Twitter

This post is also available in: English Tamil

ප්‍රෝටීන් ස්මූතීස් ගැන මොකද හිතන්නෙ? ඔව්! ඒවා ගුණයි. පහසුයි. ඉක්මන්. ඒ වගේම රසවත්. ගොඩක් පලතුරු ස්මූති,ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථවලින් තොර සීනි අධික ඒවා හින්ද,ප්‍රෝටීන් බහුල පලතුරු ස්මුති එකක් කියන්නේ ගුණදායක කෑම වලට ආස කරන අයට නම් හීනයක්. හොද අමුද්‍රව්‍ය දාල හදන ප්‍රෝටීන් අධික ස්මූති එකක්,හරි වෙලාවට හරි ප්‍රමාණයෙන් ඔයාට ඔයාගේ කෑම ලිස්ට් එකට දාගන්න පුළුවන්නම්,ඔයාගේ බඩ පිරෙනවා විතරක් නෙමෙයි,මේක ඔයාගේ මාංශ පේශි වර්ධනය කරන්නත් damage උන muscles නැවත යථා තත්වෙට පත් කරන්නත් උදව් වෙනවා.මේකෙන් ඔයාගෙ ශරීරයේ බඩගින්න ඇති කරන “ග්‍රේලීන්” හෝමෝන මට්ටමත් පහළ බහිනවා.
ස්මූති එකකට ප්‍රෝටීන් එකතු කළහම ඒක වඩාත් සමබර ආහාරයක් වෙනව වගේම ප්‍රෝටීන මගින් ඔයාගෙ කෑම දිරවීමේ වේගය අඩු වෙලා, ඔයාට බඩගිනි දැනෙන එක ප්‍රමාද කරනවා. ඒ වගේම ඔයාගෙ ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම වළක්වන්න වගේම නොයෙකුත් බිඳ වැටීම්වලින් ඔයාගෙ ශරීරය ආරක්ෂා කරගන්න උදව් කරනවා.
ඔයා හොයන්නෙ ගුණයෙන් අනූන රසම රස ස්මූති රෙසිපියක් නම්, ඔයාගෙ රස නහර වගේම බඩත් පිනවන්න,මේ ප්‍රෝටීන් සපිරි පෝෂණීය ස්මූති පහෙන් එකක් try කරල බලන්න.

1. ඇපල් ඇන්ඩ් ග්‍රේට් ග්‍රේන්ස් ෂේක් (Apple and Great Grains Shake)

Apple and Great Grains Shake කියන්නෙ හොඳ work out එකකින් පස්සෙ වගේම කඩිමුඩියෙ ගෙවන දවස හමාර කළාට පස්සෙ ඔයාගෙ ඇඟට ඕන කරන ප්‍රෝටීන් මාත්‍රාව අඩංගු,ශක්තිය වැඩි කරන පානයක්. මේක ice දාපු වීදුරුවක තියෙන apple pie එකක් තරම්ම රසයි. සරල මිශ්‍රණයකින් විනාඩි ගාණක් ඇතුළත ඔයාට මේ ප්‍රෝටීන් අනූන ස්මූති එක හදාගන්න පුළුවන්.
අවශ්‍ය දේවල්

  • වතුර, කිරි හෝ යෝගට් අවුන්ස 12 යි
  • වැනිලා ප්‍රෝටීන් පවුඩර් ස්කූප් 2 යි
  • සුද්ද කර කැපූ ඇපල් ගෙඩි 1 යි
  • නිවිති කෝප්ප 1 යි
  • ආමන්ඩ් ඇට මේස හැඳි 1 යි
  • අමු ඕට්ස් කෝප්ප 1/4 යි
  • රස ගැන්වීමට කුරුඳු (කැමති නම්)
  • අවශ්‍ය තරමට අයිස්
  • පෝෂ්‍ය පදාර්ථ
  • කැලරි : 535
  • මේදය : 13g
  • කාබෝහයිඩ්‍රේට් : 46g
  • ප්‍රෝටීන් : 58g
  • තන්තු : 9g (ජලය දියර ලෙස සළකමින්)
    අමුද්‍රව්‍ය මිල දී ගැනීමට : BuyFresh.lk | Saarakeetha.com | ඔයාගේ ගෙවල් පැත්තේ shop වලත් බලන්න

2. වැනිලා පම්කින් ප්‍රෝටීන් ස්මූති (Vanilla Pumpkin Protein Smoothie)

වට්ටක්කාවලින් හදන මේ ප්‍රෝටීන් ෂේක් එක ඔයාට හරියටම හරියන අමුද්‍රව්‍යවලින් තමයි හදන්නෙ. ඒ වගේම දිව පිනා යන රසයක් තියෙන්නෙ. ක්‍රීම් ගතියෙන් යුක්ත මේ උකුම උකු shake එක,ඔයාට ගුණදායී පෝෂණයක් ලබා දෙන ගමන් ඔයාගෙ රස නහරත් පිනවාවි.
අවශ්‍ය දේවල්

  • වතුර, කිරි හෝ යෝගට් අවුන්ස 12 යි
  • වැනිලා ප්‍රෝටීන් පවුඩර් ස්කූප් 2 යි
  • පොඩි කළ කාබණික වට්ටක්කා කෝප්ප 3/4 යි
  • ග්‍රවුන්ඩ් ෆ්ලැක්ස් ඇට මේස හැඳි 1 යි
  • නොපිසූ ඕට්ස් කෝප්ප 1/2 යි
  • රස ගැන්වීමට කුරුඳු හා වැනිලා සාරය (අවශ්‍ය නම්)
  • අවශ්‍ය තරමට අයිස්
  • පෝෂ්‍ය පදාර්ථ
  • කැලරි : 535
  • මේදය : 13g
  • කාබෝහයිඩ්‍රේට් : 45g
  • ප්‍රෝටීන් : 60g
  • තන්තු 13g (ජලය දියර ලෙස සළකමින්)
    අමුද්‍රව්‍ය මිල දී ගැනීමට : BuyFresh.lk | Saarakeetha.com | ඔයාගේ ගෙවල් පැත්තේ shop වලත් බලන්න

3. ට්‍රොපිකල් පවුඩර් ෂේක් (Tropical Power Shake)

මේ කූල් ෂේක් එක,ඔයාගේ ගත සිත ප්‍රබෝධමත් කරනව වගේම නියම විදිහට ඔයාගෙ දවස පටන් ගන්න උදව් වෙනවා.රසම රස අන්නාසි රස වගේම පොල්වල මිහිරි ක්‍රීම් රසය ගෙන දෙන මේක නම්,උදේ කෑම වේලට හරියටම සෙට්වෙන ප්‍රෝටීන් ස්මූති එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය

  • වතුර, කිරි හෝ යෝගට් අවුන්ස 12යි
  • වැනිලා ප්‍රෝටීන් පවුඩර් ස්කූප් 2 යි
  • කෙසෙල් ගෙඩි බාගයයි
  • අන්නාසි කෝප්ප 1 යි
  • නිවිති කෝප්ප 1 යි
  • ග්‍රවුන්ඩ් ෆ්ලැක්ස්ඇට මේස හැඳි 1 යි
  • පැණි රස නැති පොල්පිටි මේස හැඳි 2 යි
  • යෝගට් කෝප්ප බාගය යි (සාමාන්‍ය/නිර්මාංශ)
  • අවශ්‍ය තරමට අයිස්
  • පෝෂ්‍ය පදාර්ථ
  • කැලරි : 525
  • මේදය : 12g
  • කාබෝහයිඩ්‍රේට් : 46g
  • ප්‍රෝටීන් : 58g
  • තන්තු : 8.5g (ජලය දියරය ලෙස සළකමින්)
    අමුද්‍රව්‍ය මිල දී ගැනීමට : BuyFresh.lk | Saarakeetha.com | Thulsi Super seeds

4. ඔරේන්ජ් ක්‍රීම්සික්ල් (Orange Creamsicle)

“Orange Creamsicle” කියන්නෙ ඔයාගෙ උදේ ආහාරය විදිහට හරි උදේට ගන්න අමතර ආහාරයක් විදිහට හරි භාවිත කරන්න පුළුවන් ඉතාමත් ප්‍රණීත ප්‍රෝටීන් පානයක්! මේ සරල ප්‍රෝටීන් ස්මූති එක හදන්න විනාඩි ගාණක් වැය කරන එක ඔයාට පාඩුවක් වෙන එකක් නෑ.මේක ලස්සනට නැවුම් දොඩම් කෑලි දෙක තුනක් දාලා නිවී සැනසිල්ලේ වෙලාවක try කරලා බලන්න.ඒක,නිකන්ම නිකන් juice එකක් බොනවට වඩා ඔයාට අත් විදින්න පුළුවන් වෙයි.
අවශ්‍ය අමුද්‍රව්‍ය

  • වතුර කෝප්ප 1
  • වැනිලා ප්‍රෝටීන් පවුඩර් ස්කූප් 1
  • දොඩම් 1
  • දොඩම් ලෙලි 1/4
  • ෆ්ලැක්ස් ඇට මේස හැඳි 2 යි
  • දොඩම් යුෂ කෝප්ප 1/2
  • අවශ්‍ය තරමට අයිස්
  • පෝෂ්‍ය පදාර්ථ
  • කැලරි : 399
  • මේදය : 14g
  • කාබෝහයිඩ්‍රේට් : 39g
  • ප්‍රෝටීන් : 32g

     අමුද්‍රව්‍ය මිල දී ගැනීමට : BuyFresh.lk | Saarakeetha.lk | My Protein box

5. සමර් බ්ලාස්ට් (Summertime Blast)
කොමඩු, මින්ට් සහ අන්නාසිවලින් හදන ඇඹුල් රසයක් ගෙන එන මේ ස්මූති,එක ඔයාගෙ මහන්සිය නිවන කදිම පලතුරු පානයක් වෙයි,ආයෙ දෙකක් නෑ! මේක රස්නෙ කාලෙකට ඔයාව refresh කරන ඒ වගේම ඔයාට හොද පෝෂණයක් ලබා දෙන පානයක් වෙනවා සිකුරුයි!ඒ වගේම මේක නිර්මාංශ නිසා හැමෝටම රස විදින්න බැරි වෙන්න විදිහක් නෑ.
අවශ්‍ය අමුද්‍රව්‍ය

  • ඇට රහිත කොමඩු කෝප්ප 2/3
  • ලෙමන් යුශ තේ හැඳි 2
  • කොමඩු ගෙඩි 1/2
  • කෙසෙල් ගෙඩි 1
  • අන්නාසි කෝප්ප 1/4 යි
  • මින්චි කොළ 4ක් හෝ 5ක්
  • අවශ්‍ය තරමට අයිස්
  • පෝෂ්‍ය පදාර්ථ
  • කැලරි : 182
  • මේදය : 1g
  • කාබෝහයිඩ්‍රේට් 47g
  • ප්‍රෝටීන් : 3g
  • තන්තු : 5g
    අමුද්‍රව්‍ය මිල දී ගැනීමට : Cargills | Arpicosuper | Keels Online

නිගමනය

ඉතින්….ඔයාගෙ blender එක ready ද? එහෙනම් මේ රෙසිපි පහ වෙනුවෙන් ඒක කැරකෙව්වට පාඩු නෑ. මේවා රසින් විතරක් නෙමෙයි, පෝෂණයෙනුත් හරි අනූනයි. ඔයාව refresh කරන්න,ඔයාගෙ fitness එක පවත්වාගන්න ඕන කරන පෝෂණය මේ දෙකම එක පාර ඔයාට දෙන්න පුළුවන් ස්මූති ටිකක් තමයි අද අපි ඔයාට කිව්වේ. වැදගත්ම දේ තමයි, මේවා හරිම ලේසියෙන් ඔයාට ගෙදරදීම හදාගන්න පුළුවන්.
ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ? මේ ඔක්කොම try කරලා බලන්න.

Tags: Apple juiceBanana Shakehealthy drinkHigh Protein SmoothiesMacronutrientsPost breakfastSmoothies

Discussion about this post

Search

No Result
View All Result

Fitness & Nutrition Image Gallery

Orange Milk Shake
Image Credit:https://www.missallieskitchen.com/
Gym Etiquette
Fitness
Leg workout
Virtual-workout
Top 7 Aerobic Exercises
Body Part Splits
Healthy Smoothies
Banana Smoothie
Turmeric and Ginger Tropical Smoothie
Strength Training Workouts
Protein
Barbells
Protein-Powder Supplement
Avocado Smoothie

Categories

  • Featured (5)
  • Fitness (5)
  • fitness influencers (1)
  • Food & Diet (5)
  • Guest Post (1)
  • Life Style (4)
  • Muscle Building (1)
  • Nutrition (4)
  • Pro Tips (5)
  • Sports (2)
  • Workout (4)

Trending Key Topics

Apple juice Banana Shake best exercises for burn belly fat Boxing burn belly fat Cardio Covid19 Cross FIT curfew Dancing Fitness tips Flexibility Workout gym advice gym etiquette gym etiquette signs gym rules healthy drink Healthy eating High Protein Smoothies lockdown Macronutrients meal plan Mobility Post breakfast Post Workout Pre workout Running Smoothies Snacking healthy Sri Lankan Fitness strength exercises Strength Training Strength Training techniques strength training workouts Strength Training Workouts home Stretching Virtual Workouts Warmup water intake Weight loss management Women's fitness Womens health Workouts workout tips Yoga

Connect with us

  • About
  • Forum
  • Contact
  • Privacy Policy
  • Terms and Condition
© 2026 Justfit.lk – Owned & Operated by Maverick.

Welcome Back!

Sign In with Facebook
Sign In with Google
Sign In with Linked In
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

No Result
View All Result
  • Forums
  • Contact